සාරා0ශය:
ජීවිතේ ගොඩාක් දිගයී වෙලාවකට හිතෙනවා මේ සංසාර ගමනේ අපිත් එක්‌ක යන්න තව කෙනෙක් හිටියා නම් අඩුගානේ මගේ දුක තනිකම එයා එක්‌ක බෙදගන්න තිබුනා,එයාගේ නපුරු හිත ටිකක් රිද්දලා සනසවන්න තිබුනා නම්,අහිංසක හදවත් වල පැතුම් මල් තියෙන හැඩකාර කෙල්ලොත් දගකාර කොල්ලොත් මේ 'ෆේස්‌බුක්'එකේ ඉන්නවා.සිංහල භාශාවෙන් කියනවා නම් මුහුනු පොත කිව්වත් වරදක් ලොකුවට කියන්න බැහැ..
මුහුනු පොතෙන් ඇතිවන ආදර කතා නම් සතපහකට විශ්වාස කරන්න එපා ඒ අපේ දෙමව්පියංගේ වචන, ටිකක් සැරයී,සමහරක් අවස්‌ථාවල ගුරුන්ටත් අකුරු වරදිනවා වගේ තමයී දෙමව්පියන්ටත් වරදිනවා,කියවල බලමු එහෙනම් මුහුනු පොතේ ආදර අන්දරය.
*ආගන්තුක දෙහදක්*හිරිමල් වයසේ දෙමව්පියන්ට විරුද්ධව ආදරේ කරන මේ දගකාර ගැටිස්‌සී නතාශා, පිස්‌සුවෙන් වගේ සචින්ත නැමැති මේ ආගන්තුක ඉළන්දාරීයට ලන්වෙන්න දරන මේ යුද ගමනේ බාධක කම්කටලූ නොසෑහෙන්න.
තත්පර ගානක්‌වත් ගෙවෙන්නට නොවීය නතාශාගේ දුරකතනය නාද වන්නට විය...නතාශාගේ මුලු ශරීරයම සීතල වෙගෙන යනවා වගේ නතාශාට දැනෙනට විය...
'හලෝ'දගකාරීයේ...
හ්ම්ම්ම් කියූ නතාශාට තවමත් මේ ආගන්තුකය සිහිනයක් විය....
හ්ම්ම්ම්???මගේ රත්තර0 බකමුනීයක්‌ද අහ්????සචින්ත කල විහිලුවෙන් නතාශාගේ කට හඩ අවදි වන්නට විය..
අනේ ඉන්න පැංචෝ මන් බකමූනී නම් ඔයා බකමුනා නේ කියු නතාශා සිනසෙන්නට විය....
'හේලොව්' සචී කෝ අනේ ඔයා දුරකතන ඇමතුම විසන්දි වී ඇත්දැයි බැලූ නතාශාට එකවරම නැවතත් ඇසුනේ සචින්තගේ කටහඩය...
කියන්න මගේ දගකාරීයේ ..ඔයගේ කටහඩ ඔයා වගේම ලස්‌සනයි නතාශා...මට අහන් ඉන්න පුලුවන් ඔන තරම් වෙලවක්....
මෙච්චර මට ආදරේ කරන්න එපා මගේ සචින්ත..මට බයයි මට ඔයාව නැති වුනොත් මේ ආදරෙ අමතක කරගන්න බැරි වෙයි කියලා..
අහන්න මගේ පන මේ සචින්ත ඔයාව දාලා යන්නේ නැහැ කවදාවත්ම තේරුනාද???