Pages

Tuesday, February 28, 2012

අල ගිය තැන් වල වැල ගිය අපේ කතා (ALA GIYA THAN WALA WAELA GIYA APE KATHA)

....කාපු කට්‌ට කොච්චරද කිව්වොත් ඉස්‌කොලේ යන කාලේ මතක්‌ වෙද්දිත් නොඇඩි ඇඩේනවා..ඒ කාලේ අපි හිටියෙ ගැංසි ගැහිලනේ...අපේ පන්ති වල හිටියා ඉගෙන ගන්නම ඉස්‌කොලේ ආපු බුද්ධිමත්තු සෙට්‌ එකක්‌.. .ඔය අතරින් අපි 4දෙනෙක්‌ හිටියා පන්තියේ අන්තීම පේලියේ හැමදාම ඉදගන්න.  අනික්‌ අය දවසින් දවස පේලි මාරු කලත් අපි 4දෙනාගේ පේලි නම් කවදාවත් මාරු වුනේ නැහැ... මට යාලුවෝ 3දෙනෙක්‌ හිටියා මහතට කොටට හිටපු ශවින් ඌට අපි ඒ කාලේ කිව්වෙ ජම්බොලයා කියල ඒ තරම් මහතයි හැබැයි පොත්ත නම් රතු නැහැ කොහේ ගියත් ජම්බෝලයට කන්න නම් ඕන වුනා...කෑම නැතිව ගියොත් ඌ බාගෙට මැරිලා අඩලන කුකුලෙක්‌ වගේ හිටියේ...අනික එක ගයාන් ඌට අපි කින්ඩියට කිව්වෙ පොතා කියලා ..ඉගෙන ගන්න කොච්චර ට්‍රයි කලත් ඌ හැමදාම පන්තියේ අන්තීමයා..කොලඹ තියෙන හැම පන්තියකටම ගයාන් යනවා ඒත් වැඩක්‌ නැහැ ..පාඩම් කරන වෙලාවට ඌ වැඩිපුර කරන්නෙ අච්චු පොත අස්‌සෙ නවකතා පොත් තියාගෙන කියවන එකයි...හැබැයි ඌ ජීවත් වුනේ පොත ඔලුව උඩ තියාගෙන..ඉස්‌කොලේ ඇවිදිද්දි ඌ ඇවිද්දෙ ප්‍රධාන ශිශ්‍ය නායකයාටත් වඩා උඩින් පස්‌ස උඩ තියාගෙන...අපේ ගැංසියේ අනික්‌ එකා තමයි අපේ මාලුවා ඌගෙ නම මාලන් ඒ නිසා අපි ඌට ගහපු කාර්ඩ් එක මාලුවා..ඌ නම් අපරදේ කියන්න බැහැ උන්නත් දාහයි මලත් දාහයි ගානට ජීවත් වුනේ..දුන්නොත් කනවා නැත්නම් කන පැලෙන්න බුදියගන්නවා...තිබුනොත් අදිනවා නැත්නම් ඇදුම් නැතිව හරි ඌ යනවා ඌට යන්න තියෙන ගමන...මන් මිලාන් පෙරෙරා වුනාට කොයි කවුරුත් දන්නෙ බිල්ගේට්‌ කියලා ,අනේ බිල්ගේට්‌ කිව්වට මට ඇති මගුලකට නම් නෙවෙයි. අපේ තාත්තාට තියෙන සල්ලි වලින් තාත්තාවත් බුක්‌ති විදින්නේ නැති තරම් මන් තාත්තාගෙ සල්ලි බුක්‌ති විදිනවා.......අම්මගෙ හුරතලා නිසා තාත්තා දෙය්යනේ කියලා මට පයින් නොගහා ගහලා සලකනවා....තාත්තා හැමදාම කිව්වෙ මිලන් ඔයා වගකිමකින් ජීවත් වෙන්න පුරුදු වුනොත් හොදයි කියලා ...හැමදාම එකම බනේ නිසා මිලාන් කියපු ගමන් මන්
දන්නවා ඊලගට තාත්තා කියන වචන ටික..ඒ නිසා ඇහුනත් කන් දෙකට ඇහුනේ නැහැ වගේ තමයි ,නිකන් ඉන්න ගමනුත් හා තාත්තේ කියලා කියවෙනවා.....අම්මා නම් ඒ වේලාවට කිව්වෙ දරුවට පාඩුවේ ඉස්‌කොලේ වැඩ කටයුතු කරගෙන ඉන්න දෙන්න තාම ලොකු වයසක්‌ නැහැනේ කියලයි...අනේ ඉතින් අම්මා මව් සෙනෙහසට එහෙම කිව්වට මොකද මන් ඇතුලු අපේ සෙට්‌ එක කරපු වැඩ නම් අපේ මුත්තලාගෙ වයසේ අයවත් කරලා නැතිව ඇතී.....
......යාන්තම් ඕලෙවල් ගොඩ දාගත්තු අපිට දෙය්යනේ කියලා ඒලෙවල් කරන්න ඉස්‌කොලෙන් අවසර ලැබුනා..හැබයි ඉතින් ටියුශන් පන්තියේදි මට වැලදුනා  ආදර පිස්‌සුවක්‌ කියලා අතීභයානක ලෙඩක්‌ .....රෙදි මදි වෙලආ කොටට ඈදගත්තු ලව්ලි ගාලා හමේ පාට මේන්ටේන් කරන ලක්‌ස්‌ නිසා සුවද විහිදුවන ෆට්‌ටම ෆට්‌ට මේඩ් ඉන් ජැපෑන් කාර් එකකින් ඇවිත් බහින සුන්දර සමනලියක්‌ හිටියා අපේ ලොජික්‌ ක්‌ලාස්‌ එකේ..එයාව දැක්‌කම ග(ර්)ල්ෆ්රෙන්ඩ්ස්‌ලා ඉන්න කොල්ලන්ටත් කටට කෙල උනනවා...මාත් ඉතින් හා හා පුරා කියලා සබ්ජෙක්‌ට්‌ එකට බැහලම ලව් කලා..අපරාධෙ කියන්න බැහැ මන් ඉතින් අපේ තාත්තාගේ පුතානේ සති දෙකෙන් කෙල්ල මගේ..එය නෙරෙශා මාසයයි ලව් කලේ මන් පිස්‌සුවෙන් වගේ ජීවත් වුනේ. ..ඒ තරම් ආදරේ කලා..නෙරෙශත් එහෙමයි...මාස හයක්‌ මන් ගැංසි බැස්‌සේ නැහැ..යාලූවෝ කෝල් කරද්දිත් මට ඇනයක්‌ වුනා .අන්තීමට මගෙ කටින් ප්ලීස්‌ මචන් මට පාඩුවේ ඉන්න දීපල්ලා කියන වචනෙත් කියවෙන්න පටන් ගත්තා. දවසම මල් කැඩුවා ගෙදර කාමරෙට වෙලා ඉදගෙන තාත්තාට පිංසිද්ද වෙන්න මාසේ අන්තිමට එන ටෙලිපෝන් බිල් එක සට සට ගාලා පේ වෙන නිසා මල් කඩන්න මට දුරකතන බිල් බාධා නම් ආවේ නැහැ...මාස හයක්‌ වෙනකම් මන් උන්තමන්තකයෙක්‌ වගේ පෙම්වන්තයෙක්‌ වුනා, ඔන්න මෙතනදි තමයි අපේ ආදරේට හෙන හත වැදිලා සුන්නක්‌ දුවිලි වෙලා ගියේ...හදිසියෙම මලක්‌ වගේ පරිස්‌සම් කරගෙන ලව් කරපු මගේ සුන්දර රුවත්තිය මතට තිත වගේ අපෙ සම්බන්ධෙ නැවත්තුවා ..කිව්වෙ නම් එයාලගේ ගෙදරින් කැමති නැහැ කියලයි ජීවිත කාලේම තනියම ඉන්නව කිව්ව මාව බදින්න බැරි වුන නිසා... ඒ වුනාට සති ගානක්‌වත් යන්න කලින් මගේ මේ ඇස්‌ දෙකටම මන් දැක්‌කා එයා අපිට ලොජික්‌ උගන්වපු සර් එක්‌කලා අත් අල්ලගෙන ගෝල්ෆේස්‌ එකේ ඇවිදිනවා...හදවතට වඩා එදා රිදුනේ බොක්‌කට...කෙල්ලො කියන්නෙ මහ චාටර් ජාතියක්‌ කියලයි මට හිතුනේ එත් ඉතින් ඊට වඩා චාටර් වැඩක්‌ නේ ලොජික්‌ සර් කලේ ..අපි යාලුයි කියලා දැන දැන කටුව ගහපු එක.
.....කාලය ඒ මතකයන් එක්‌කම ගෙවිල ගියා...සුකිරිත්තම් දාල නැති වුනාට අපේ තාත්තාලගේ ගමේ ලස්‌සන මලක්‌ දැන් මගේ හදවතේ පිපිලා..ඉදලා හිටල නෙරෙශවත් දකිනවා හැබැයි එක එක කොල්ලා එක්‌ක තමයි එක එක දවසට ඉන්නෙ දැන් හිතෙනවා එදා මට බූට්‌ වැදුන එක මගේ පිනට ලැබුන දෙයක්‌ කියලා......තාත්තා කන් අඩිය පුපුරනකම් ගහලා කිව්වෙ ඒ කාලේ පුතේ වගකීමක්‌ ඇතිව හැදියන් කියලයි..අද අපෙ තාත්තාට අයිතී කොම්පැනියේ එකම අයිතිකාරයා විදියට මන් වැඩකරනවා මන් වගේම මගේ අනික්‌ යාලුවොත් දෙය්යනේ කියල අද ගොඩ....නෙරෙශා නැති වුන වියොවෙන් මන් පොලොවෙ පස්‌ කන්න හදද්දි කොහේ ගියත් සිග්නල් තියෙන නෙට්‌ව(ර්)ක්‌ එකක්‌ වගෙ තමයි අපේ සෙට්‌ එක මගෙත් එක්‌ක ඉදගෙන මගේ හිත හැදුවේ...ආදරේ ටෙම්පරි වුනත් යාලු ෆිට්‌ එක නම් එටෙර්නල් වුනා.......

....kaapu katta kochcharada kiwwoth iskolee yana kaalee mathak weddith noaeDi aeDeenawaa..ee kaalee api hitiye gaensi gaehilanee...apee panthi wala hitiyaa igena gannama iskolee aapu buddhimaththu set ekak.. .oya atharin api 4denek hitiyaa panthiyee anthiima peeliyee haemadaama idaganna.  anik aya dawasin dawasa peeli maaru kalath api 4denaagee peeli nam kawadaawath maaru wunee naehae... mata yaaluwoo 3denek hitiyaa mahathata kotata hitapu shavin uuta api ee kaalee kiwwe jambolayaa kiyala ee tharam mahathayi haebaeyi poththa nam rathu naehae kohee giyath jamboolayata kanna nam oona wunaa...kaEma naethiwa giyoth uu baageta maerilaa aDalana kukulek wagee hitiyee...anika eka gayaan uuta api kinDiyata kiwwe pothaa kiyalaa ..igena ganna kochchara trayi kalath uu haemadaama panthiyee anthiimayaa..kolaBa thiyena haema panthiyakatama gayaan yanawaa eeth waeDak naehae ..paaDam karana welaawata uu waeDipura karanne achchu potha asse nawakathaa poth thiyaagena kiyawana ekayi...haebaeyi uu jiiwath wunee potha oluwa uDa thiyaagena..iskolee aewididdi uu aewidde pradhaana shishya naayakayaatath waDaa uDin passa uDa thiyaagena...apee gaensiyee anik ekaa thamayi apee maaluwaa uuge nama maalan ee nisaa api uuta gahapu kaarD eka maaluwaa..uu nam aparadee kiyanna baehae unnath daahayi malath daahayi gaanata jiiwath wunee..dunnoth kanawaa naethnam kana paelenna budiyagannawaa...thibunoth adinawaa naethnam aedum naethiwa hari uu yanawaa uuta yanna thiyena gamana...man milaan pereraa wunaata koyi kawuruth danne bilgeet kiyalaa ,anee bilgeet kiwwata mata aethi magulakata nam neweyi. apee thaaththaata thiyena salli walin thaaththaawath bukthi widinnee naethi tharam man thaaththaage salli bukthi widinawaa.......ammage hurathalaa nisaa thaaththaa deyyanee kiyalaa mata payin nogahaa gahalaa salakanawaa....thaaththaa haemadaama kiwwe milan oya wagakimakin jiiwath wenna purudu wunoth hodayi kiyala ...hamadama ekama bane nisa milan kiyapu gaman man
Dannawa eelagat thaththa kiyana wachana tika..a nisa ahunath kan dekata ahune naha wage thamai ,nikan inna gamanuth ha thaththe kiyala kiyawenawa.....amma nam a welawata kiwwe daruwata paaduwe iskole wada katayuthu karagena inna denna thaama loku wayasak nahane kiyalai...ane ithin amma maw senehasata ehma kiwwata mokada man athule ape set eka karapu wada nam ape muththalage wayase ayawath karala nathiwa athi.....
......yaantham o/l goda dagaththu api ta deyyane kiyala a/l karanna iskolen awasara labuna..habayi ithin tiyushan panthiyedi mata bo wuna aadara pissuwak kiyala athibayanaka ledak.....redi madi wela kotata adagaththu lovely gaala hame paata maintain karana lux nisa suwada wihiduwana fattama fatta made n japan car ekakin awith bahina sundara samanaliyak hitiya ape logic clas eke..eyawa dakkama girlfriendsla inna kollantath kaata kela unanawa...maath ithin haa haa pura kiyala subject ekata bahalama love kala..aparadhe kiyanna baha man ithin ape thaththage puthane sathi deken kella mage..mrs milan perera ,ehema kiwwe eya magema kiyala pennannai eya neresha karunarathna...maasayai love kale man pissuwen wage jiiwath wune..mata nam oona wela thibune badinna ..a tharam adare kala..nereshath ehemai...maasa hayak man gansi basse naha..dawasama mal kaduwa gedara kamareta wela idagena thaththata pinsidda wenna maase anthimata ena telephone bill eka sata sata gaala pay wena nisa mal kadanna mata durakathana bil badha nam aawe naha...maasa hayak wenakam man unthamanthakayek wage pemwanthayek wuna, onna methanadi thamai ape adareta hena hatha wadila sunnak duwili wela giye...hadisiyema malak wage parissam karagena love karapu mage sundara ruwaththiya mathata thitha wage ape affair eka nawaththuwa ..kiwwe nam eyalage gedarin kamathi naha kiyala a wunaata sathi gaanakwath yanna kalin mage me as dekatama man dakka eya apita logic uganwapu sir ekkala ath allagena gallface eke awidinawa...hadawathata wada eda ridune bokkata...kello kiyanne maha chater jaathiyak kiyalai mata hithune Eeth ithin eeta wada chater wadak ne logic sir kale ..api yaalui kiyalaa dana dana katuwa gahapu eka.
.....kaalaya a mathakayan ekkama gewila giya...sukiriththam daala nathi wunaata ape thaththalage game lassana malak dan mage hadawathe pipila..idala hitala nereshawath dakinawa habai eka eka kolla ekka thamai eka eka dawasata inne dan hithenawa eda mata boot waduna eka mage pinata labuna deyak kiyala......thaththa kan adiya pupuranakam gahala kiwwe a kaale puthe wagakiimak athiwa hadiyan kiyalai..ada ape thaththata aithi company eke ekama aithikaaraya widiyata man wadakaranawa man wagema mage anik yaaluwoth deyyane kiyala ada goda....neresha nathi wuna wiyowen man polowe pas kanna hadaddi kohe giyath signal thiyena mobile ekak wage thamai ape set eka mageth ekka idagena mage hitha haduwe...adare tempory wunath yaalu fit eka nam eternal wuna.......
......(friends and memories are the eternal in the tempory life and also love is a tempory word in the eternal hearts' )